29 C
Colombo
බදාදා, මැයි 22, 2024

වැලිගම ගෑස් සිලින්ඩර පිපිරිමකින් නිවාස 5 කට දැඩි ආලාභ හානි

Must read

වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක ගෑස් සිලින්ඩර පිපිරීමක් සිදුව තිබේ. වැලිගම වාර්තාකරු සදහන් කළේ අද උදෑසන අළුයම 3:30 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත. පිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

More articles

Latest article