27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ගෑස්වල සුවඳ වහනය වන ‘එතිල් මර්කැප්ටන්’ ඇතුළත්කරන තෙක් ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවයි

Must read

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

වර්තමාන වෙලළඳපොළේ ඇති ගෑස්වල සුවඳ වහනය වන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති ද්‍රව්‍ය ඇතුළත්ව නොමැති බවත් ගෑස්වලට එම ද්‍රව්‍ය ඇතුළත්කරන තෙක් සැපයුම අත්හිටුවන ලෙස අදාල සමාගම්වලට උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගෘහස්ථ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) රාත්‍රි පැවැතී විශේෂ සකච්ඡාවේදී මෙම තීරණයකට එළඹී බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

More articles

Latest article