25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටේ

Must read

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රව්වාත් ඇතුළු 13 දෙනකු ගමන් කරමින් සිටි හමුදා හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේ දී අනතුරට පත්විය.

ඊයේ සවස් වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මළසිරුරු පහක් හමුවුණු බවත් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්ය. එම දෙදෙනාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

ජනරාල් බිපින් රව්වාත්ගේ බිරිඳ ද හෙලිකොප්ටරයේ සිට ඇත. ඇය ආරක්ෂක මාණ්ඩලික ලේකම්වරිය ලෙස ද කටයුතු කරයි. සෙසු පිරිස ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් බව පැවැසෙයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17වී5 වර්ගයේ එම හෙලිකොප්ටර් යානය දිල්ලියේ සිට සුල්ලූර් බලා පියාසර කරද්දී අනතුරට පත් වුණු බව පැවැසෙයි.

අනතුරට හේතුව කුමක්දැයි සෙවීමට විමර්ශන ආරම්භ කළ බව ඉන්දීය රජය පවසා තිබේ.

More articles

Latest article