25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Must read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටින්නේ මීගමුව මහ රෝහලේ කායික රෝග අංශයට ඊයේ(14) දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා කළ කොරෝනා පරීක්ෂණ වලින් 80%ක්ම ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙන බවයි.

ඒ අනුව මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරනය කර සිටී.

උදාවී තිබෙන තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දේ.

මෙම අවදානම් සහගත තත්වය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බවත් එම තත්වය මග හරවා ගැනීමට වහා සැළසුම් සකස් කළ යුතු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

දැනට එම දිස්ත්‍රික්කයේ සිටින අවදානම් අඩු කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳවීම සුදුසු බවත් මෙම අවදානම් සහගත තත්ත්වය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.

More articles

Latest article