27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ගම්මිරිස් කිලෝවක් රුපියල් 800 බැගින් මිලට ගැනීමට රජය තීරණය කරයි

Must read

ගම සමඟ පිළිසඳර වැඩසටහනකට සහභාගි වූ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීමුරේ ජනතාවට දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් ගම්මිරිස් කිලෝ ග්රෑමයක් රුපියල් 800 බැගින් මිලට ගැනීමට රජය තීරණය කරයි.

ඒ අනුව රජය විසින් වැඩි මිලට ගම්මිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන පසුගියදා මීමුරේ ප්‍රදේශයේදී ආරම්භ කළ අතර ‘ගම සමඟ පිළිසදර වැඩ සමඟ යළි ගමට‘ වැඩසටහන සඳහා පසුගියදා මීමුරේට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කරමින් රජය වැඩි මිලට ගම්මිරිස් මිලදී ගැනීමේ ජාතික වැඩසටහන මෙලෙස ආරම්භ කෙරිණි.

සුළු අපනයන භෝග රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වැඩසටහන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජාතික කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සහ උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි.

ඒ අනුව පසුගිය (30) වන විට ගම්මිරිස් කිලෝ 6,000ක් මිලදී ගෙන තිබෙන අතර, මේ සඳහා රජය වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 50කි.

More articles

Latest article