27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් නැහැ – හරිනි අමරසූරිය

Must read

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් කියැවුණේ නැතැයි ජාතික ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය කීවාය.

ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පැවැති දේ මේ කතාවෙන් ඉදිරිපත් කළ බව කී හරිනි අමරසූරිය මෙනවිය දේශපාලනිකව සිදු විය යුතු පරිවර්තන ඒ කතාවෙන් ඉදිරිපත් කළ බව පැවසීය. අරගලය මර්දනය කරන ප්‍රයත්නය සාධාරණීකරණය කරමින් කතාව ඉදිරිපත් කළ අතර අද ඔහුගේ හීනය සැබෑ වූ දවසක් යැයිද ඡන්දයෙන් කර ගන්න බැරි වූ දෙයක් ඔහු අද කර ගත් බැවින් ඔහුගේ කතාව ගැන පුදුම වෙන්න දෙයක් නැති බව ද අමරසූරිය මෙනවිය කීවාය.

ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් හරිනි අමරසූරිය මෙනවිය මෙි බව කීවාය.

More articles

Latest article