30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

විරුද්ධ මතධාරීන් මර්දනය උත්සන්න කරලා – හියුමන් රයිට්ස් වොච්

Must read

ලක් රජය විරුද්ධ මතධාරීන් මර්දනය උත්සන්න කර ඇති බවට “හියුමන් රයිට්ස් වොච්” මානව හිමිකම් ආයතනය චෝදනා කර තිබේ.

එම ආයතනය පෙන්වාදෙන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීමක් ඉල්ලා සිටින ක්‍රියාකාරීන්ට වධහිංසා පැමිණවීමට සහ ඔවුන් අත්තනෝමතික ලෙස රඳවාගැනීම සඳහා හදිසි නීති රෙගුලාසි යොදාගන්නා බවටය.

එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගන්ගුලි මහත්මිය පවසන්නේ සාමකාමී විරෝධතා මර්දනය, රටේ දැවෙන ආර්ථික අර්බුදය පිළිබඳ අවධානය වෙනතකට යොමුකරලීමේ නොමග යවන සුළු හා නීතිවිරෝධි ප්‍රයත්නයක් බවය.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක වන්නේ අරගලයට සහභාගී වී අපරාධමය වැරදිකළ පිරිස්වලට පමණක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

More articles

Latest article