29 C
Colombo
බදාදා, මැයි 22, 2024

චීන පොහොර නැව කිසිම වරායකට ඇවිත් නැති බව හාබර් මාස්ටර් කියයි

Must read

හිපෝ ස්ප්‍රිට් චීන කාබනික පොහොර නැව ලංකාවේ කිසිම වරායකට ඇතුළත් වී නැතැයි හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ඊයේ (01) පැවසීය.

නැවකට සිතු මතේ මෙරට වරායකට ඇතුළුවීමේ හැකියාව නැති බවත්, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පවතින බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කළේ වරායකට නැවක් ඇතුළු කිරීම සඳහා පළමුව නැව ලියාපදිංචි කළ යුතු බවයි. දෙවනුව ඒ සඳහා අනුමැති අංකයක් ( රෙෆරන්ස් නම්බර්) ලබා ගෙන අත්තිකාරම් මුදල් ගෙවීමෙන් පසුව ආරක්ෂිත (සිකුරිටි ක්ලියරන්ස්) වාර්තා සහ ‍සෞඛ්‍ය (හෙල්ත් ක්ලියරන්ස්) වාර්තා තහවුරු කර ගැනීම කළ යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කරයි. මෙම ක්‍රමවේදයෙන් බැහැරව කිසිදු නැවකට මෙරට වරායකට ඇතුළුවීමේ හැකියාවක් නැති නමුත් අන්තර්ජාතික නීතිය අනුව නැවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවිම නීති විරෝධී ක්‍රියාවක් නොවෙයි. ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ගමන් මාර්ගය භාවිත කරන නැව් මෙරට මුහුදු සීමාව හරහා ගමන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වූවත් මෙරට මුහුදු සීමාව තුළදී කිසියම් අනීතික ක්‍රියාමාර්ගයක යෙ‍දී ඇත්නම් ඊට එරෙහිව පියවර ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම නැව සම්බන්ධයෙන් පවතින ආන්දෝලනාත්මක තත්ත්වය නිසාම නැව මෙරට වරායකට ඇතුළු වන්නේ දැයි දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

More articles

Latest article