34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

හරක් කටාට එරෙහි සියලු චෝදනා ඩුබායි යවන්න සූදානම්

Must read

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාවරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට එරෙහිව මෙරට අධිකරණවල විභාග වන මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ 22ක් සම්බන්ධයෙන් සියලු තොරතුරු මේ වන විට රැස් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා ගොනුගත කර ඩුබායි පොලිසියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේත් ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ හරක් කටාව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු කඩිනම්කර ගැනීම සම්බන්ධයෙනි.

පොලීසිය විශ්වාස කරනුයේ ඩුබායි පොලිසිය සමඟ සිදු වන ලියකියවිලි හුවමාරුව ඉදිරි දෙසතිය තුළ හමාර කරමින් හරක් කටාව මෙරටට රැගෙන ඒමට හැකිවනු ඇති බවයි.

මෙම අපරාධකරු මෙරටට රැගෙන ඒමෙන් පසු ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගෙන සිදුවන මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම් සහ පසුගිය කාලය තුළ මෙරට සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

හරක් කටාගේ මෙහෙයැවීමෙන් සිදු වන ජාතන්තර මත්කුඩු ජාවාරම් හෙළිකර ගැනීම කලාපයේ රටවල් රැසකයම ඉවහල්වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

More articles

Latest article