ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
හරිනි අමරසූරිය මහතා මෙසේද සඳහන් කළාය.
මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත්තු ආණ්ඩුවක් .ආණ්ඩුවේ අයවැය කතාවට ඉදිරිපත්වී ඇත්තේ සීතල ප්‍රතිචාර .
ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීමයි. පසුගිය ආණ්ඩුව සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ.
අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා. විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.