30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපතිට සහ අමාත්‍ය අලි සබ්රිට එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි – හර්ෂ ද සිල්වා

Must read

රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙතට සහ අමාත්‍ය අලි සබ්රි වෙතට එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

“මේ ව්‍යාපාරයක් කරගෙන යනවා ඔක්කොමලා එකතුවෙලා රට බංකොලොත් කරන්න සබ්රියි නන්දලාල් වීරසිංහයි එකතුවෙලා වැඩක් කළා කියලා. මොකක්ද මේ කතාව. අනිත් එක ගරු කථානායක තුමනි අපේ විපක්ෂනායක තුමා අප්‍රේල් මාසයේ පොයින්ට්ස් 9ක් ඉදිරිපත් කළා. එතුමා කිව්වේ මොකක්ද එතුමා කිව්වේ අර ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න පටන් අරන් අපිට මේ ණය අත්හිටුවන්න කැමැත්ත ගන්න කියලා. ඒ කැමැත්ත ඉල්ලගන්න සබ්රි ඇමතිතුමාට වෙලාවක් තිබුණේ නෑ. මොකද ඒ කැමැත්ත ඉල්ලන්න එදා හිටපු නිවාඩ් කබ්රාල්ලා එතුමාට හෝ වෙන කාටවත් අවස්ථාවක් දුන්නේ නෑ ගරු කථානායකතුමනි. දැන් මේක පුදුම කතාවක්. ඒ මනුස්සයා මොනවා කරන්න ද ? නන්දලාල් වීරසිංහ මොනවා කරන්න ද ? නන්දලාල් හිටියෙත් නෑ, ඒ නිසා අපි තාමත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නයෙන් එළියට එන්න බෑ.”

More articles

Latest article