32 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

හරක් කටා නිදහස් කර ගන්න ජනාධිපති නීතිඥයෙක් ඇතුළු පිරිසක් ඩුබායි ගිහින්

Must read

ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා මෙරටට භාර නොදී නිදහස් කර ගැනීමට ජනාධිපති නීතිඥවරයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් මේ වන විට දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

එසේ ජනාධිපති නීතිඥවරයා සමඟ ඩුබායි වෙත ගොස් සිටින කණ්ඩායම අතර නීතිඥවරුන් පස් දෙනකු සිටින බව සඳහන්ය.

සතියකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් එරට රැඳී සිටිමින් එරට අධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත්කර ඇතැයි දැනගන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

“හරක් කටාව බේරාගන්න ලොකු උත්සහයක් ඒ අය ගන්නවා. ලොකු සල්ලියකුත් ඒ අයට ලැබිල තියෙනවා. අපිත් අපේ පැත්තෙන් කරන්න තියෙන උපරිමය කරනවා.“ යැයි එම නිලධාරියා පැවසීය. හරක් කටාට එරහිව ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගොනුව මේ වන විට ඩුබායි බලධාරීන් වෙත යොමු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article