26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

සියලුම සිසුන් සමත් කරමින් හෝමාගම මහින්දයෙන් සා.පෙළ අතිවිශිෂ්ට ප්‍රතිඵලයක්

Must read

සුගිය දා පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිසුන් 92ක් ද සිංහල මාධ්‍යයෙන් සිසුන් 671 දෙනකුද වශයෙන් පෙනී සිටි සමස්ත සිසුන් 763 දෙනාම අපොස උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සියයට සියයක අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් සනිටුහන් කර තිබේ.

ඒ අතරින් විෂයයන් නවයටම ඒ සාමර්ථ්‍ය ලැබූ සිසුන් 95ක් ද විෂයයන් අටකට ඒ සාමර්ථ්‍යය ලැබූ සිසුන් 94ක් ද, විෂයයන් හතකට ඒ සාමර්ථ්‍යය ලැබූ සිසුන් 89ක් ද විෂයයන් හයකට ඒ සාමර්ථ්‍යය ලැබූ සිසුන් 77ක් ද හා විෂයයන් පහකට ඒ සාමර්ථ්‍යය ලැබූ සිසුන් 75 ක්ද වශයෙන් ඒ සාමර්ථ්‍යය පහකට වඩා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව විභාගය සමත් සියලු සිසුන්ගෙන් සියයට 56.35ක ප්‍රතිශතයක් වාර්තා වීම තුළින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ලැබූ ජයග්‍රහණයේ විශිෂ්ටත්වය තවදුරටත් සනාථ වී තිබේ. එමෙන්ම ජපන් භාෂා විෂය සඳහා පෙනී සිටි සිසුන් 71 දෙනාම එම විෂය සමත් වී ඇති අතර ඔවුන් අතරින් සිසුන් 15 දෙනකු ඒ සාමර්ථ්‍යය ලබා තිබේ. කොරියානු භාෂාව සඳහා පෙනී සිටි සිසුන් 73 දෙනාම ඉන් සමත් ව සිසුන් නවදෙනකු ඒ සාමර්ථ්‍යය ලබා ගෙන ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන් 92 අතරින් ඒ සාමර්ථ්‍යය 9 ලැබූ සිසුන් සංඛ්‍යාව 17 කි.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සියලු දෙනාම උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබීම හා පළමු වරට විභාගයට පෙනී සිටි සිසුන් සියයට සියයක ප්‍රතිශතයක් සමත් වීම විද්‍යාලයේ කෙටිකාලීන ඉතිහාසය තුළ ලද විශාල ජයග්‍රහණයක් බවද විදුහල්පති කසුන් ගුණරත්න මහතා පවසයි

More articles

Latest article