29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මෛත්‍රී, විමල්, ගම්මන්පිල, ඩලස් හෙලිකොප්ටරයෙන් එයි

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් ආරම්භ කිරීම ඊයේ (11) පස්වරුවේ සිදුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී නව සන්ධානය ආරම්භ වූ අතර මෙහි ලකුණ හෙලිකොප්ටරය වේ.

දේශපාලන පක්ෂ 12ක් හා තවත් පාර්ශ්ව 62ක සහභාගීත්වයෙන් මෙම නව සන්ධානය ආරම්භ වූ අතර පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා නව සන්ධානය නිර්මාණය කළ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. නව සන්ධානය වටා සියලු වාමාංශික දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඒකරාශි කිරීම අරමුණ බවද මේ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන අතර නව සන්ධානය සඳහා සියයට අනූවක ජයග්‍රහණයක් හිමිවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. එමෙන්ම පවතින අර්බුද හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද හෙතෙම පැවසීය. එමෙන්ම නව සන්ධානය නායකත්ව මණ්ඩලයක් ලෙස කටයුතු කරන අතර සියලු දෙනාට සාකච්ඡා කිරීමේ හැකියාව පවතින බවද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

‘නිදහස් ජනතා සන්ධානය‘ ආරම්භ කිරීමට පෙර සර්ව ආගමික වතාවත් සිදුකළ අතර ඉන් පසුව සියලු පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් නව සන්ධානය ආරම්භ කිරීම සිදුවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණෙන් වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරන ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, පියංකර ජයරත්න, උදයන කිරිඳිගොඩ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

More articles

Latest article