26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

හැරී කුමරුගේ පොතේ අලෙවිය පිටපත් ලක්ෂ 32 ඉක්මවයි

Must read

බ්‍රිතාන්‍ය රජ පවුලේ කීර්තියට අභියෝග කළ හැරී කුමරුගේ spare කෘතිය සතියක් ඇතුළත අලෙවිය පිටපත් ලක්ෂ 32 ඉක්මවූ බව එම කෘතියේ ප්‍රකාශකයන් වන පෙන්ගුයින් රැන්ඩම් හවුස් සමාගම සඳහන් කර ඇතැයි වාර්තා වේ. පළමු දිනයේදීම පිටපත් ලක්ෂ 14ක් අලෙවිවීමෙන් ගීනස් ලෝක වාර්තාවක් ද තැබූ මේ කෘතිය අමෙරිකාවේ පමණක් ලක්ෂ 16ක් අලෙවි වී ඇති අතර, බ්‍රිතාන්‍යයේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ එරට අලෙවිය පිටපත් ලක්ෂ 4 පසු කළ බවය.

දැනටමත් භාෂා 14කට පරිවර්තනය වී ඇති කෘතිය ඉදිරියේදී තවත් භාෂා 10කට පරිවර්තනය වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

More articles

Latest article