27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි

Must read

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,  ලොව ප්‍රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන  සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ හවුල් වී වරාය සතු එම්.වී කුමන  ඉන්ධන යාත්‍රාව හරහා ඉන්ධන තොග වශයෙන් සැපයීම පසුගියදා ආරම්භ කළේය.

IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VISFO), මිළඳි ගත් ප්‍රථම ගැනුම්කරු බවට පත් වෙමින්  වෙළෙඳ නෞකා සඳහා ඉන්ධන සැපයීමේ වෙළෙඳපොල ප්‍රමුඛ‍යා වන ලංකා මැරීන් සර්විසස් සමාගම (LMS), හම්බන්තොට වරායේද සහය ඇතිව, තම සේවාදායකයා වූ, ඉන්දියාවේ චෙන්නායි සිට සූවස් දක්වා යාත්‍රා කරමින් තිබූ එම්.වී සූවස් හාන්ස් නැමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව වෙත ඉන්ධන සපයනු ලැබීය. 

More articles

Latest article