කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ රෝහලේ ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දැනට පවතින තත්ත්වය අනුව ඔක්සිජන් ධාරිතාවය තවත් වැඩි කිරීමේ හැකියාව ද මෙරට තුළ පවතින බවය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් ගැන සමහර මාධ්‍යවල වාර්තා වුණා. ඇත්තටම එහෙම දෙයක් නෑ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තියෙනවා ද කියන කරුණක් ඒ කතාවට පාදක වෙලා තිබුණා. ඒ රෝහලෙත් කිසිම ඔක්සිජන් හිඟයක් නෑ. අපි දැනටමත් කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට සහ ශික්ෂණ රෝහල්වලට විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර ලබාදීමට කටයුතු කරමින් යනවා. ලංකාවේ දැනට මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්තශාලාවලින් ඒවා ලැබීමේ කිසිඳු අඩුවක් නෑ. ඔක්සිජන් ප්‍රමාණය තවත් වැඩි කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා.”