27 C
Colombo
අඟහරුවාදා, අගෝස්තු 9, 2022

උත්සව සමයේ අධිවේගයේ ආදායම කෝටි 34 යි

Must read

උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

අපේ‍්‍රල් අට වැනිදා සිට දහඅටවැනිදා දක්වා කාළය තුළ මෙම ආදායම උපයාගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කාලසීමාව තුළ වාහන දොලොස් ලක්ෂ තිස්හයදහස් දෙසීය අසූඅටක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

වැඩිම වාහන ප‍්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අපේ‍්‍රල් 10 වැනිදා වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් එක්දහස් එකසීය අසූ හතකි.

More articles

Latest article