33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

බොරු ප්‍රචාර කළ බ්‍රිතාන්‍ය කතගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තු භාරයට

Must read

අරගලකරුවන්ගේ හිසට පිස්තෝල එල්ල කරන බවට පවසමින් අනත්ර්ජාලය මඟින් ප්‍රචාරය කරමින් ගාලුමුවදොර අරගලකරුවන්ට සහාය දැක්වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය ඊයේ (02) ආගමන විගමන දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.

බත්තරමුල්ල අකුරේගොඩදී විදේශ ගමන් බලපත්‍රය දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති අතර අද (03) සිට දින හතක් තුළ ඊට අදාළව කරුණු දැක්වීමට දොපර්තමේන්තුවට පැමිණෙන ලෙසට ද ඇයට දන්වා ඇත.

වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමට අදාළව මෙලෙස ඇයගේ විදේශ ගමන් බලපත්‍රය දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත්තේ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව බව දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.‍

More articles

Latest article