28.3 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

ඉසිපතනය පාසල් ලීග් කිරුළ දිනයි

Must read

රාජකීය විදුහල් පිලට එරෙහිව ලකුණු 21-15ක ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල් පිල වසර 5කට පසු අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට ඊයේ සමත් විය. තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 10-6කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් පිල දෙවැනි භාගයේදී ඇද බැඳ තබා ගත් ඉසිපතන පිලේ ක්‍රීඩකයෝ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් මේ ජයග්‍රහණයට හිමිකම් කීහ.

පාසල් ලීග් කුසලානයට අමතරව ඉසිපතනය දෙවිදුහල් අතර වාර්ෂිකව හුවමාරු වන මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ද අත් කර ගත්තේය. ඉසිපතන විදුහල් පිල මෙවර ලීග් තරගාවලියේ අවසානය දක්වා සිය අපරාජිතභාවය රැක ගැනීම කැපී පෙනිණි.

හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරු පැවති මේ තරගයේදී ජයග්‍රාහී ඉසිපතන විදුහල් පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කළ අතර, රාජකීය විදුහල් පිලට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

More articles

Latest article