31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කරනවා – ඉන්දීය අගමැති

Must read

ඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රටක් බවට ගෙනයෑම ඉලක්කය වියයුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසයි.

එරට 75 වැනි නිදහස් සැමරුම අමතමින් ඔහු පැවසුවේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකසා ඇති බවය.

විශේෂයෙන් දේශීයව විදුලිබල, ආරක්ෂක සහ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍ර දියුණු කිරීම ප්‍රධාන අරමුණකි.

17 වැනි සියවසේ ඉදිකළ ඓතිහාසික “රතු කොටුව” පරිශ්‍රයේ සිට ජාතිය ඇමතූ ඉන්දීය අගමැතිවරයා එරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ “විශාල ඉලක්ක” ගැන සැලසුම් කරමින් රට වෙනුවෙන් කැපවෙන ලෙසය.

“ඒක ලොකු ව්‍යායාමයක්…අපි සම්පූර්ණ ශක්තිය යෙදවිය යුතුයි ඒ සඳහා.”

ලෝක බැංකුව මේ වනවිට ඉන්දියාව පහළ-මධ්‍යම ආදායම්ලාභී ආර්ථිකයක් (ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 1,086ත් 4,255 අතර) සහිත රටක් ලෙසය.

ඇමෙරිකාව වැනි අධි ආදායම් සහිත රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,205ක් හෝ ඊට වැඩිවෙයි.

More articles

Latest article