30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

IMF නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡා වටයේ සාකච්ඡාවක් වශයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.

එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත් බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

එම හමුව සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article