28 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

IMF එකඟතාවය ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීමේ රජයේ කැපවීම පිළිබඳ සාක්ෂියක් – ජනපති

Must read

IMF එකඟතාවයකට එළඹීම ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීමේ රජයේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර එම එකඟතාවය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් පියවරක් බවත් බංකොලොත් බවින් මිදීමට සහ ණය ගෙවීමට ඇති අපහසුවෙන් මිදීමට ද එය වැදගත් වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

IMF නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් පියවරක්. අපි ප්‍රථමවරට බංකොලොත් බව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. අපි මේ වනවිට මුහුණදෙමින් පවතින ගැටළු විසඳා ගැනීමට මෙය අත්‍යාවශ්‍ය හේතුවක් වෙයි. බංකොලොත් බවින් මිදීමට සහ ණය ගෙවීමට ඇති අපහසුවෙන් මිදීමට ද එය වැදගත් වෙයි. එසේම මෙමගින් සමාජ ආර්ථික ගැටළු විසඳාගැනීමටත් යම් අස්වැසිල්ලක් වේ යයි සිතනවා. මම හිතන්නේ නව ආර්ථික පුනර්ජීවනයක ආරම්භය මෙය කියලයි. අපි ඉතා තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා. එසේම සමාජ තත්ත්වයන් ඉහළ දමමින් අවදානයට ලක්වූ ජන කොටස් රැකබලා ගැනීමත් අපේ වගකීමක්. ආරම්භය අමාරු වෙයි. මම දන්නවා ඉදිරියට යනකොට තවත් වර්ධනයක් ලබාගත හැකි බව. මම මුළු රටෙන්ම ඉල්ලා සිටිනවා අපි සියලුදෙනාම අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට හැඩගැසෙමු කියලා. එමගින් අපේ සමාජ සේවා කර්තව්‍යයන් පහසුවෙන් කිරීමට හැකිවේ. මම ඉපදෙනකොට ලංකාව කාටවත් ණය නෑ. එක්සත් රාජධානියටත් ණය දීමටත් අපට සංචිත තිබුණා.”

More articles

Latest article