31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ආයෝජකයන් රකින්න රාජ්‍ය – පෞද්ගලික ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්යසාධක බළකා අටක්

Must read

යහපත් ආයෝජන අවස්ථා බිහි කිරීමට හා ආයෝජකයන් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්යසාධක බළකා අටක් (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කෙරේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කාර්යසාධක බළකායන් බලගැන්වීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) සිදු කෙරිණි. නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදි කිරීම් බලපත්‍ර ගැනීම, ව්‍යාපාර දේපොළක් ලියාපදිංචි කිරීම, ණය ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළෙඳාම්, බදු ගෙවීම යනාදි ක්ෂේත්‍ර 8ක් මූලික කර ගනිමින් ව්‍යාපර කටයුතුවලට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන රෙගුලාසි හා ක්‍රියා පටිපාටි සියල්ල ආවරණය වන පරිදි මේ බළකායන් බලාත්මක කර ඇත.

මේ කාර්යසාධක බළකායන්ට අයත් ප්‍රධානීන් සහ මේ කාර්තව්‍යයට අදාළ වන සියලු රාජ්‍ය ආයතනය නියෝජනය කරන සාමාජිකයන් 74 දෙනකු මීට සහභාගි වූ අතර, ඔවුන් දිරි ගන්වමින් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ මෙය ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කිරීම උදෙසා රජය ගත් දිගුකාලීන උත්සාහයක තවත් සන්ධිස්ථානයක් වන බවයි.

More articles

Latest article