30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මෑතකාලීනව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න ආහාර සහ මූල්‍ය සහනාධාර ලබාදී තියෙනවා – ඉන්දියාව

Must read

මෑතකාලීනව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 04 කට ආසන්න ආහාර සහ මූල්‍ය සහනාධාර ලබා දී ඇති බව ඉන්දියාව පවසයි.

එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිර කම්බෝජ් මහත්මිය මේ බව කියා සිටියේ සාමය ගොඩනැගීමේ කොමිසම (PBC) සහ Peacebuilding Fund (PBF) හි වාර්තා පිළිබඳ UNGA වාර්ෂික ඒකාබද්ධ විවාදයකදීය.

ඇය එහිදී කියා සිටියේ අපගේ ආසන්නම අසල්වැසියා සහ මිතුරාවන ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව උදව් කරමින් සිටින බවයි. පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4 කට ආසන්න ආහාර සහ මූල්‍ය ආධාර ලබා දීමෙන් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට කටයුතු කර ඇතැයි ද ඇය කියා සිටියාය.

2017 දී ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් ව ස්ථාපිත කළ සංවර්ධන සහයෝගීතා අරමුදල මඟින් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් 51ක ව්‍යාපෘති 66ක් සදහා සංවර්ධන සහය පළ කර ඇති බව ද ඇය මෙහි දී අනාවරණය කර ඇත.

යුක්රේන ගැටුමේ ආරම්භයේ සිට, ආහාර සහ භාණ්ඩ සැපයුම්දාම විනාශයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව අවශ්‍ය රටවලට මූල්‍ය සහ ආහාර ආධාර ලබා දෙයි.

ගෝලීය දකුණේ රටවල් සමඟ ඇති පුළුල් සංවර්ධන හවුල්කාරිත්වය තුළින් සාමය ගොඩනැගීමේ සන්දර්භය තුළ ඉන්දියාව සැමවිටම නිර්මාණාත්මක හා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව ද රුචිර කම්බෝජ් මහත්මිය එහිදී අවධාරණය කර තිබේ.

More articles

Latest article