34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගීතාව වර්ධනයට කැපවෙනවා – මිලින්ද මොරගොඩ

Must read

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමට කැපවන බව ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඊට අදාළ ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා කියා සිටියි.

‍ඉන්දීය ජාතික‍ ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කෙරුණි.

හමුව (22) සිදු වූයේ, නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්‍ෂක උපදේශක කාර්යාල‍යේ දීය.

එහිදී දෙරටට බලපාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. ඉන්දියාව හා ශ්‍රී ලංකා අතර සහයෝගීතාව වර්ධනයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය උපදේශක වික්‍රම් මිශ්රී සහ නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article