26 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම ලබන දෙසැම්බර් මස 8 වැනිදායින් පසු

Must read

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම ලබන දෙසැම්බර් මස 8 වැනිදායින් පසුව සිදුකෙරෙන බව කතානායක කාර්යාලය පවසයි.

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකළ යුතුය.

කෙසේවෙතත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී මාසයකට අධික කාලයක් ගත වුව ද මෙතෙක් ස්වාධීන කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුව නැත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කතානායක කාර්යාලය සඳහන් කළේ කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කළ යුතු බවය.

එම සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමේ අයදුම්පත්‍ර කැඳවීම මෙම දිනවල සිදුකරන අතර එම කටයුතු ලබන දෙසැම්බර් මස 8 වනදායින් අවසන් වීමට නියමිතව ඇත.

එම සාමාජිකයින් දෙදෙනා තෝරා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීමෙන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකෙරෙන බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකළ යුතුය.

More articles

Latest article