33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංගමට බස් රථ 500ක්

Must read

මෙරට 75 වැනි නිදහස් දිනයට සමගාමීව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ග්‍රාමීය ජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම පිණිස සංකේතාත්මකව බස් රථ 75ක් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වෙත ප්‍රදානය කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල දී සිදු කෙරිණි.

මේ වසර තුළ නව බස් රථ 500ක්‌ පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු නව බස් රථ 75ක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමේ අවස්ථාවට ඊයේ (05) එක් වෙමිනි.

බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාවතේ පැවති මේ බස් රථ බෙදා දීමේ වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය:

“අද දිනයේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතා වැදගත් දිනයක්. ග්‍රාමීය ප්‍රදේශවල මංමාවත්වල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ නවීන බස් රථ 75ක් අපගේ ප්‍රවාහන පද්ධතියට එක් වනවා. ඉන්දීය රජයේ සහයෝගයෙන්, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රු. ලක්ෂ 100ක පමණ වටිනා මේ බස් රථ ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා.

“මෙරට 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ව්‍යාපෘති යටතේ මෙරටට ලැබෙන තවත් බස් රථ තොගයක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමට කටයුතු කරනවා. උතුරු නැඟෙනහිර පළාත් ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ඩිපෝ වෙත මේ බස් රථ වෙන් කර තිබෙනවා. 2023 වසර තුළ නව බස් රථ 500ක්‌ පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.“

ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, රාජ්‍ය ඇමැතිවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ශාන්ත බණ්ඩාර, දිලුම් අමුණුගම යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article