33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ වැඩ කඩිනමින්

Must read

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වූ විගස කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 02 වන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවට ජපානය සහතික වී තිබේ.

වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවති අතර එහිදී මේ බව අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට දීම සම්බන්ධයෙන් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය කෘතඥතාව පළ කළේය.

මේ අවස්ථාවේ සිය අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ අකිමික්ෂු ඔකුබෝ (Akimitsu Okubo) මහතා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වූ විගස කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි 02 වන පර්යන්තයෙහි ඉදිකිරීම් කටයුතු ඉක්මණින් ආරම්භ කරන බවට ප්‍රතිඥා දුන්නේය.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජපාන රජයේ මැදිහත්වීමෙන් ජයිකා ආයතනයෙන් සිදු කරන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙහි දෙවන පර්යන්තයෙහි ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජපාන ව්‍යාපෘතියක් ලෙසම සිදු කිරීම තම රජයේ අපේක්ෂාව බවත්, කිසිදු හේතුවක් නිසාවත් ඒ සඳහා වෙනත් පාර්ශ්වයක සහාය ගැනීමට අපේක්ෂා නොකරන බවත්ය. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දූත පිරිසක් සහ ජයිකා ආයතනයේ නියෝජිත පිරිසක් ද ඇතුළු වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, අතිරේක ලේකම් නයනා සෝමරත්න මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

More articles

Latest article