32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කවුරු බලයේ සිටියත් IMF ක්‍රියාමාර්ග ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති

Must read

IMF මෙන් සංකීර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යද්දී ඊට අදාළ අසීරු වූ මෙන්ම සංකීර්ණ තීරණ කවුරු බලයේ සිටියත් ක්‍රියාත්මක විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එමෙන්ම මේ මොහොතේ මැතිවරණයක් පැවැත්විය යුතු ද, නැද්ද යන්න මහ බැංකුවට අදාළ කරුණක් නොවන බව ද හෙතෙම ප්‍රකාශ කෙළේය.

වීරසිංහ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

එමෙන්ම ඔහු මෙසේ ද පැවසීය.

‘මහ බැංකුව යනු රටේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනය නිසා මැතිවරණයට අදාළ කරුණු තිබෙන්නේ එහි රාමුවෙන් පිටත බව ද හෙතෙම එහිදී අවධාරණය කළේය. පසුගිය දෙසැම්බරයේ සිට විදේශ විනිමය ලැබීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද මහ බැංකුව මැදිහත් වී විදේශ විනිමය සපයා දීම වෙනුවට අප පෙන්වා දුන්නා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේවල්වලට අවශ්‍ය මුදල් ඒ හරහා ලබාගන්න කියලා.

ඒක තමයි දැන් යන ක්‍රමය දැන් විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ. මාකට් එකේ සල්ලි තිබෙනව.‘

More articles

Latest article