28 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

ඉන්දියාව 74 වැනි ජනරජ දිනය සමරයි

Must read

ඉන්දියාව අද (26) 74 වැනි ජනරජ දිනය සැමරයි. ජනරජ දිනය නිමිත්තෙන්, නවදිල්ලි අගනුවර, ‘කර්තාව්‍ය පාත්’ වීදියේ හමුදා ශක්තිය සහ සංස්කෘතික විවිධත්වය ගාම්භීර ලෙස ප්‍රදර්ශනය කරමින් පෙළපාළි ආරම්භ විය.

ඉන්දියාවේ අභිමානය මුසුවුණු හමුදා ශක්තිය ප්‍රදර්ශනය කළ එම පෙළපාළිය ආරම්භ වූයේ එරට වේලාවෙන් උදෑසන 10.30 ටය. නවදිල්ලි අගනුවර ‘කර්තාව්‍ය පාත්’ මාර්ගය පෙර හැඳින්වූයේ ‘රාජ්පාත්’ යනුවෙනි. මාර්ගයේ නම වෙනස් කෙරුණේ අලුත්වැඩියාවකින් පසුවය.

74 වැනි ජනරජ දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ය. ඊජිප්තු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියේ පසුගිය 24 වැනිදා සවසය.

ජනාධිපති අල් සීසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්විණි. ඒ, ඊයේ (25) සවසය.

(NDtv)

More articles

Latest article