34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

IMF පළමු වාරිකය නුදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාසයක් – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සාර්ථක බව අමාත්‍ය සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේ දී ම
ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය ආදායම සහ ජනතාව මුහුණ දී සිටින අසීරුතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. එමෙන් ම ණය වාරික ලබා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් ද මෙහි දී සිදු විය. එහි ප්‍රතිඵල මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විපුල වික්‍රමආරච්චි යන මහත්වරු ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

More articles

Latest article