25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

අමෙරිකාවේ ප්‍රමුඛ පෙරපාසල් අධ්‍යාපන ආයතන 100 අතරට ශ්‍රී ලාංකිකයකුගේ පාසල් ජාලයකුත්

Must read

අමෙරිකාවේ නව දැක්මක් සහිතව අධ්‍යාපනය ලබාදෙන ප්‍රමුඛතම පෙරපාසල් අධ්‍යාපන ආයතන 100 අතරට, ශ්‍රී ලාංකිකයකුට හිමි පාසල් ජාලයක්ද තේරී පත්ව තිබේ.

මෙලෙස තේරී පත්ව ඇත්තේ රමේෂ් ජේ. වෙත්තසිංහ මහතාට හිමි අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ පිහිටි ඔඑසිස් මොන්ටිසෝරි පාසල් ජාලයයි.

ඒ අනුව අමෙරිකාවේ ලාස් වෙගාස්හි MGM Grand හෝටලයේ පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රමේෂ් ජේ. වෙත්තසිංහ මහතාගේ පෙර පාසල් ජාලය වෙනුවෙන් “Top 10 visionaries in Education” සම්මානය පිරිනැමීය.

මේ ජාත්‍යන්තර සම්මානය දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා රමේෂ් වෙත්තසිංහ මහතායි. ඔහුගේ ඔඑසිස් පාසල අද වන විට යුටා ප්‍රාන්තයේ විශාලම පෞද්ගලික පාසල් ජාලය වන අතර, සිසුන් දහස් ගණනක් එහි අධ්‍යාපනය ලබති. ඔඑසිස් පාසල් ජාලය උසස්ම ගුණාත්මක භාවයෙන් යුතු පාසල් ජාලය බවට එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේදීද සහතික කර තිබේ.

අමෙරිකාවේ Connections සඟරාව මගින් ජනප්‍රියතම පාසල් ජාලය වශයෙන් 2021 වසරේදී තෝරා ගන්නා ලැබුවේද ඔඑසිස් පාසල් ජාලයයි.

මහරගම ජනාධිපති විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු හා අමෙරිකාවේ හීල්ඩ් සහ ලින්කන් විශ්වවිද්‍යාලවලද උපාධිලාභියෙකි.

More articles

Latest article