29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

‘ඉටුකම’ කොවිඩ් අරමුදලට පිලිපීනයෙන් ලක්ෂ 40ක මුදල් පරිත්‍යාගයක්

Must read

‘පිලිපීනයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිතවතෙකු වන විලියම් චෙන් මහතා විසින් ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අමෙරිකානු ඩොලර් 20,000 ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 4ක් පමණ) මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර මේ පරිත්‍යාගය සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝභිනී ගුණසේකර මහත්මිය විසින් පහසුකම් සපයා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ පරිත්‍යාගය මඟින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම, ඒ ආශ්‍රිත සමාජ සුබසාධන වැඩසටහන් ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් සඳහා සහාය දීම සහ එම කටයුතු ශක්තිමත් කිරීම සිදුකෙරේ. මේ පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී පිරිනමන ලද අතර විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහත්වරුන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘ඉටුකම’ අරමුදලේ ලේකම් රවීන්ද්‍ර විමලවීර මහතා වෙත එය භාර දී ඇත. රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

More articles

Latest article