34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

IMF ණය ගිවිසුම ගැන ජගත් ණය හිමියන් දැනුම්වත් කිරීම 23දා

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගෙන ඇති ණය සහන පැකේජය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳ ජාත්‍යන්තර ණය හිමියන් ලබන 23 දා දැනුවත් කිරීමට සැලසුම්කර තිබේ.

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා මූල්‍ය නීති උපදේශක ආයතනයක් වන Clifford Chance සමාගම හරහා මෙරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මෙලෙස ණය හිමියන් සමඟ සම්බන්ධ වීමට කටයුතු යොදා ඇත.

ඊට සහභාගීවන සියලු දෙනාට අදහස් දැක්විය හැකි ආකාරයේ අන්තර්ජාල සැසියක් විවෘත වන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාස 48ක් තුළදී ඩොලර් බිලියන 2.9 මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැනීම සඳහා ඉකුත් 1 වැනිදා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මූලික එකඟතාවකට පැමිණියේය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයේ අරමුණු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳ ණයහිමියන් යාවත්කාලීන කිරීමට මෙහිදී අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ගැනීමට මෙරටට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන්ගේ කැමැත්ත පෙන්වන සහතිකයක් ගැනීමට සිදුව ඇත.

More articles

Latest article