29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සහයෝගය

Must read

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා (Mr. Katsuki Kataro) සමග කොළඹ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර තරුණ හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳවත් දැනට අතරමග නැවතී ඇති ‘නිපෝන් මාරු වැඩසටහන’ යළි ආරම්භ කිරීම පිළිබඳවත් එහි දී සාකච්ජා කෙරිණි.

ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මෙහිදී ජපන් නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

ජපානය තුළක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබාදෙනවා. 1983 ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව ගොඩනැංවීම සඳහා ජපාන රජයේ සහයෝගය ලබාදීම පිළිබඳව ජපන් නියෝජ්‍ය තනාපතිතුමන්ට මා ස්තූතිවන්ත වෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article