29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ජීවන්ත බණ්ඩාරනායකට ජපාන අධිරාජ්‍යයාගෙන් සම්මානයක්

Must read

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික සබඳතා ඉහළ නැංවීමට දායකත්වය දැක් වු ජනක් ජීවන්ත බණ්ඩාරනායක මහතා වෙත ‘ද ඕඩර් ඔෆ් ද සේකර්ඩ් ට්‍රෙෂර්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රෙයිස්’ (The Order of the Sacred Treasure, Gold and Silver Rays) සම්මානය පිරිනැමිණි.

ජපාන අධිරාජ්‍යයාගේ නාමයෙන්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සිය නිල නිවෙසේ දී මෙම සම්මානය බණ්ඩාරනායක මහතා වෙත ප්‍රදානය කැර ඇත.

1998 දී විකාශය කරන ලද ‘ඔෂීන්’ ජපන් මාලා නාටකය ජාතික රූපවාහිනී ඔස්සේ විකාශනය කරලීම සඳහා බණ්ඩාරනායක මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.

එසේම1985 දී ජපානයේ පැවති සුකුබා ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපයේ ප්‍රධාන පරිවර්තකයකු ‍වූ ඒ මහතා ‘නිපොන් මරු’ නෞකාවෙන් පැමිණෙන විවිධ රටවල තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා ද කටයුතු අයෙකි.

ජනක් ජීවන්ත බණ්ඩාරනායක මහතා වසර තිහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

More articles

Latest article