34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ජැක්සන්ට කලින් සිහිය ආවා, ඒත් අද වෙද්දි ආයේ ඔහුට සිහිය නෑ – සෝමරත්න දිසානායක

Must read

ජැක්සන් ඇන්තනී කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වගේම තවත් අවස්ථාවකදී දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳ ගත්තු ආදරණීය කලාකරුවෙක්. මේ සොඳුරු කලාකරුවා පිළිබඳව කතා කරන්න අපිට බොහෝ දේවල් ඉතිරිවෙලා තියෙනවා. මොකද ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් විදියටත් නව පරපුරක් බිහිකරන ආදරණීය ගුරුවරයෙක් විදිහටත් කාලීන අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් විවිධ දක්ෂතාවයන් එක්ක ජනතාව ඉදිරියට ආපු නිසයි.

සුරිය අරණ, අබා ආදී සිනමා නිර්මාණයන් හැඩ හැඩවෙන්නේ ඔහුගේ අධ්‍යක්ෂණයෙන්. ඊට අමතරව ධර්ම යුද්ධය,ප්‍රවේගය ,ආදී මෑත කාලයේ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් සිනමා නිර්මාණයන් වල ප්‍රධාන චරිතය නිරූපණය කරන්නත් මේ සුන්දර කලා කරුවාට අවස්ථාව උදාවුණා.

ඉතින් අද වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා ජැක්සන් ඇන්තනි ඉන්නේ රෝහල් ගත වෙලා.එදා අනුරාධපුර ප්‍රදේශය පැවැත්වුණු රූගත කිරීමකට සහභාගී වෙච්ච ජැක්සන් ඇන්තනි මහත්මයා නැවත කොළඹ බලා පිටත් වන මොහොතේ දි තමයි වල් අලියෙකු ඔහුගේ කැබ් රථයේ ගැටී මේ අනතුර සිද්ධ වෙන්නේ.

මේ අනතුරෙන් පස්සේ අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කරන එතුමාව පසු දිනම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරා. ජාතික රෝහලට ඇතුළත් කරපු වහාම ඔහුව ශල්‍ය වෛද්‍ය ඒකකයට අරගෙන සුසුම්නාව ආශ්‍රිත ශල්‍යකර්මයකට ලක් කරලා තියෙනවා. ඊට පස්සේ නැවත වතාවක් දැඩි දැඩිසත්කාර ඒකකයට එතුමාව ඇතුලත් කරල.

මේ සිදුවීමක් සිද්ද වෙද්දි ජැක්සන් ඇන්තනි මහත්මයාණනි දායක වෙලා තියෙන්නෙර් සෝමරත්න දිසානායක මහතාගේ චිත්‍රපටයක ටයි. ඉතින් ඒ අවස්ථාවේ ඉඳන් අද දක්වාම සෝමරත්න දිසානායක මහත්මයා ඔහුගේ සුවදුක් විමසමින් කරන්න ඕනි හැමදේම නොපිරිහෙළා ඉටුකරනවා. ඉතින් youtube සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහත්මයා ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අලුත්ම තොරතුරු පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. එතුමා කිව්වෙ කිව්වේ මෙන්න මේ විදිහේ කතාවක්.

“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”

සෝමරත්න දිසානායක මහතා ජැක්සන් මහත්මයාගේ අලුත්ම රෝගී තත්ත්වය පිළිබඳව ඒ විදිහට තමයි වැඩසටහනක් එක්ක එකතු වෙලා අදහස් ඉදිරිපත් කරල තිබුනෙ. කෙසේ නමුත් මේ සොඳුරු මානව හිතවාදී කලාකරුවා ට ඉක්මන් සුවය ලැබේවා කියා එක සිතින් අපි ප්‍රාර්ථනා එක් කරන්නේමු.

More articles

Latest article