34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අප හැමෝටම සෑම විටම පුද්ගලයෙකුගේ ජීවිතය වගේම රටේ ඉරණමත් වෙනස් කිරීමට යමක් සිදුකළ හැකියි – දිලිත් ජයවීර

Must read

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනයේ, ස්ටුවර්ට් සෙනෙහස මගින් සංවර්ධනය කෙරුණු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්ටෝමා සායනය විවෘත කිරීම ඊයේ (29) සිදුකෙරුණි.

ඒ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමේන් රජීන්ද්‍රජිත්, ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ සභාපති දිලිත් ජයවීර සහ ජෝර්ජ් ස්ටුවර්ට් කළමනාකරණ අධ්‍යක්ෂ එරාන් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

සායනයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2.5ක් වැය කර ඇති අතර, මාස 10ක කාලයක් තුළ එම කටයුතු සම්පූර්ණ සිදුකෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.

ගුද මාර්ගය නොමැති හෝ මුත්‍රා මාර්ගයේ රෝග තත්ත්ව සහිත, මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි නාල මගින් ආහාර ලබාදෙන දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා 2019 වසරේදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම ස්ටෝමා සායනය ආරම්භ කර තිබේ.

මේ වන විට ලියාපදිංචි වී ඇති ළමයින් 680කට, 5,000කට වැඩි ප්‍රතිකාර වාර ප්‍රමාණයක් ඉන් ලබා දී ඇත.

එමෙන්ම මෙරට ප්‍රථම වරට ළමා ආමාශාන්ත්‍රික සායනයක් ද එම රෝහලේදී ආරම්භ කෙරුණි.

ළමුන්ගේ බඩවැල් සහ අක්මා රෝග පිළිබඳ මෙහිදී සායන කටයුතු සිදුකෙරෙන අතර සායනය සඳහා පළමු දරුවා ලියාපදිංචි කිරීම ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ සභාපති දිලිත් ජයවීර මහතා අතින් සිදුකළේය.

ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ සභාපති දිලිත් ජයවීර මහතා,

“සෞඛ්‍ය අංශය සඳහා මුදල් වෙන් කර ඇති සංඛ්‍යාලේඛන දෙස ඔබ බැලුවොත් මම හිතන්නේ ජනගහනයෙන් 100%ටම නිදහස් සෞඛ්‍ය සේවයක් ලබාදීම ආශ්චර්යයක්. තවමත් අපි මෙය සිදුකරමින් ඉන්නවා. සංඛ්‍යාලේඛන අනුව මම මේ කතා කරන්නේ. කෙසේ වෙතත් මෙවැනි අවස්ථා සඳහා දායකත්වයක් ලබාදීමට හැකිවීම අපට මහත් ශක්තියක් සපයනවා. පෞද්ගලික අංශය ලෙසත්, රටට ආදරය කරන පුද්ගලයින් ලෙසත්, අපට මෙවැනි සද්කාර්යයන්ගෙන් අත් මිදී නොසිටීමට. අප හැමෝටම සෑම විටම පුද්ගලයෙකුගේ ජීවිතය වගේම රටේ ඉරණමත් වෙනස් කිරීමට යමක් සිදුකළ හැකියි.”

More articles

Latest article