31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

තම දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කිරීම වරදක් – ජගත් පුෂ්පකුමාර

Must read

තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් එය බලවත් වරදක් බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිතුමතේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම එම නායකයන්ට පාරාවළල්ලක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

“රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර එක ආසනයක්වත් දිනාගන්න බැරි වුණා.නමුත් එතුමා ජනාධිපති වුණා .ඒ ගැන අප සතුටට පත්වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා රටේ ව්‍යවස්ථාව සංශෝධනය කළා.එතුමාට එය පාරාවළල්ලක් වුණා. දැන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා යැයි ජගත් පුෂ්පකුමාර මහතා කීය.

More articles

Latest article