31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරීම, අලෙවිය, භාවිතය මර්දනයට නව කාර්ය සාධන බළකායක්

Must read

මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය සහ භාවිතය මර්දනය කිරීමට නව කාර්ය සාධන බළකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මෙරට තරුණ පරපුර විස මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“මේ නව කාර්ය සාධන බළකායට මෙන්ම තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් සකස් කරන ජාතික ප්‍රතිපත්තියට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍යයි. මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස අතරින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 20ත් 30ත් අතර අය. මේ තත්ත්වය කඩිනමින් පාලනය නොකළොත් ඉදිරි වසර කිහිපයේදී මෙරට තරුණ කොටස් වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය තත්ත්වය පරිහානියට පත්වී පවුල් ජීවිත විනාශයට පත් වෙනවා.

පාසල් ළමයින් අතර මේ වන විට අන්තරායකර ඖෂධ භාවිතය වැඩි වී ඇති නිසා විශේෂයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී පාසල් ළමයින් සහ ගුරුවරුන් දැනුම්වත් කිරීම සිදු කළ යුතුයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙන් පාසල් ළමයින් දැනුම්වත් කිරීමට සකස් කර ඇති ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතුයි.”

More articles

Latest article