33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ලෝක ප්‍රජාවගෙන් අධිකරණ ඇමති කළ ඉල්ලීම

Must read

ලෝකයේ වාර්ගික වෙනස්කම්වලට එරෙහිව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්, කොවිඩ් 19 වසංගතය, දේශපාලන අස්ථාවරත්වය වැනි බාධක රැසක් මධ්‍යයේ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම තම රට ගනිමින් සිටින බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

යුනෙස්කෝ ගෝලීය සංසදයේ අමාත්‍යවරුන්ගේ සැසිය පසුගියදා මෙක්සිකෝ රාජ්‍යයේ මෙක්සිකෝ නගරයේ Recio City හී පැවති අතර එම සැසිවයේ දී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ජාතිය, භාෂාව, ආගම, සංස්කෘතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා සියලු පුද්ගලයින් අතර සමානාත්මතාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගන්වා ඇති අතරම එවැනි හේතු මත ඕනෑම පුද්ගලයෙකුට සිදුවන ඕනෑම අසාධාරණයක් නිවැරදි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අසීමිත අධිකරණ බලය ඇති අතර මෑතකදී සම්මත කරන ලද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සහ එමඟින් සාමාන්‍ය ජනතාවට සිදුවන අසාධාරණයන් වැලැක්වීමට ප්‍රතිපාදන සලසා ඇති බවද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා ජාතීන් එකට එකතු විය යුතු බවත්, ලොව ධනවත් රාජ්‍යයන් තමන් විසින්ම මේ සඳහා සහයෝගය ලබා දීමෙන් සහ අවශ්‍යතා ඇති ජාතීන්ට උපකාර කිරීම සඳහා අරමුදලක් පිහිටුවිය යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

මෙම සැසිය කැනඩාවේ සහ ෆෝඩ් පදනමේ සහාය ඇතිව යුනෙස්කෝව විසින් විසින් සංවිධාන කර තිබුනි.

More articles

Latest article