26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

මාලිමාවෙන් එන්නේ එදා කැලෑ වල හොල්මන් කළ ජෙප්පෝ – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර

Must read

මාලිමාව යටතේ ඉදිරිපත්ව ඇත්තේ අතීතයේ දී කැලෑවල හොල්මන් කළ ජෙප්පන් මිසක නව දර්ශනයක් ඇති කණ්ඩායමක් නොවන බව සමඟි ජන බලවේගයේ අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.

ජනතා කැමැත්තට පිටින් බලයට පත් කණ්ඩායම මැතිවරණ පැවැත්වීමට බියෙන් සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය නිදහස ලබා දීමට කටයුතු කරන ලෙස එම කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීවේය. අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ජනතා විරෝධී නායකයන් පලවා හැර ජාත්‍යන්තරය දිනා ගත හැකි පාලනයක් බිහි කිරීම සඳහා වන පළමු පියවර පළාත් පාලන මැතිවරණය බවද ඒ මහතා කීවේය.

මේ වන විට ජාතික ජන බලවේගය ද උද්දාමයෙන් සිටිය ද එම පක්ෂය තුළ සිටිනුයේ පසුගිය කාලේ කැලෑවල හොල්මන් කළ ජෙප්පෝ මිස නව දර්ශනයක් ඇති කණ්ඩායමක් නොවන බවත් GPS තාක්ෂණයෙන් ගමන් කරන ලෝකයේ පැරණි මාලිමාවට ජනතාව ගෞරව නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

More articles

Latest article