31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ගලෙන්බිදුනුවැව ජීවත්වන දෑස් නොපෙනෙන 13 හැවිරිදි ජීවන්ත දරුවා වෙනුවෙන් සංවේදි වූ අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහ බාල පුත් රෝහිත රාජපක්ෂ

Must read

ගලෙන්බිදුනුවැව කලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 හැවිරිදි ජීවන්ත රත්නායක නමැති දරුවාට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත් වි කොළඹට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබාදී එක් ඇසක පෙනුම ලබා දී ඇත

මෙසේ පෙනුම ලැබුණු රත්නායක දරුවා රාජපක්ෂ මහත්මිය අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණේය.

දෑස් නොපෙනෙන මෙම දරුවා ඇසක් ඉල්ලා කරන ලද ඉල්ලීමක් සමාජ මාධ්‍යයෙන් දැක ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එම දරුවා ගැන සිය මවට දැනුම් දී ඇත.දරුවාගේ මෙම ඉල්ලීම ගැන සංවේදී වූ රාජපක්ෂ මහත්මිය දරුවා කොළඹට ගෙන්වා ගත්තාය.

.පසුව දරුවා මෙරට ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුට යොමු කර ඇත.දරුවා විශේෂ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම යොමු කර ඇති එම විශේෂඥ වෛද්‍යවරයා බද්ධ කිරීමකින් තොරව එක ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බව රාජපක්ෂ මහත්මියට දැනුම් දුන්නේය .ඒ සඳහා දීර්ඝ කාලකාලීනව ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු පැවසුවේය .

මෙහිදී ඊට අවශ්‍ය බරපැන දැරීමට ඉදිරිපත් වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දරුවා අගමැති නිල නිවසට ගෙන්වාගෙන පරීක්ෂණ සහ ප්‍රතිකාරවලට කඩිනමින් යොමු කළාය.

එම ප්‍රතිකාරවලින් පසුව රත්නායක දරුවාගේ එක් ඇසක පෙනුම සියයට 30ක් දක්වා මේ වන විට වර්ධනය වී ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

More articles

Latest article