27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

සතොස අල්ලස් නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදහස්

Must read

නිදහස් සන්ධාන රජය සමයේ සතොස සේවකයන් රාජකාරී කටයුතුවලින් බැහැර දේශපාලන කටයුතුවල නිරත කරවීම ඇතුලු නඩු 02 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 03 දෙනෙකු නිදහස් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි නියෝගය ලබාදුන්නේ.

සතොස එවක සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ෆාකීර් යන දෙදෙනාද මෙලෙස නිදහස් කල අය අතර වනවා. අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 05 කින් 02 කට අදාළව විත්තිකරුවන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පත් ගොණු කර තිබුණා.

ඒවායින් ඔවුන් නිදහස් කිරීම හමුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවලින්ද නිදහස් කිරීමටයි අධිකරණය නියම කර ඇත්තේ.

More articles

Latest article