31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

අපිව මහමඟ මරා දැම්මත් වංචාවට දූෂණයට එරෙහි සටන අත්හරින්නේ නැහැ – අනුර කුමාර

Must read

අපිව මහමඟ මරා දැම්මත් වංචාවට දූෂණයට එරෙහි සටන අත්නොහරින බව, ඊයේ (23) දින දේශපාළන පළිගැනීම් කොමිසම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් පාර්ළිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසා සිටියේය.

අද අපේ රටේ දුවා දරුවන්ට පාසලේ වැසිකිළියක් නැහැ. ලෙඩ ඇඳට වෙලා බෙහෙතක් ගන්න බැරුව හූල්ල හූල්ල ඉන්න දෙමාපියන් ඉන්නවා. වල් අලි කරදරයෙන් තමන්ගේ භවබෝග විනාශ වන ජීවිත විනාශ වෙන ජනතාවක් ඉන්නවා. තමන් ගත්ත ක්ෂද්‍ර මූල්‍ය ණය ගෙවාගන්න බැරුව තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන අය ඉන්නවා. භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ආහාර වේලක් සපයා ගන්න බැරි ජනතාවක් ඉන්නවා.

ඒ ජනතාවගේ ධනය චෞර වළල්ලක් අත්පත් කරගෙන ඉන්නවා. ඒ නිසා අපි මහමඟ මරා දැම්මත් වංචාවට දූෂණයට එරෙහි සටන අපි අත්හරින්නේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදළ 2012 – 2018 ඇති කරණ ලද පාඩුව කෝටි 2,300.

2007 – 2015 බැඳුම්කර පාඩුව කෝටි 1,100,

හෙජින් ගණුදෙනුව හරහා රටට අහිමි වූ ධනය කෝටි 8,000. මේකට සම්බන්ධ චෞරයෙක් ඉන්නව. කෝ ඒ චෞරයට දඬුවම්?

ඇවන්ගාඩ් ගණුදෙනුව. නාවික හමුදාව කියනව ඒ මෙහෙයුම් තමන් අතට පවරගත්තට පස්සෙ අවුරුදු 2 1/2කදී ලබපු ලාභය කෝටි 8,00 බව. එයට පෙර මේ ධනස්කන්ධය හරවල තිබ්බෙ ඇවන්ගාඩ් මුදළාලිගෙ සාක්කුවට නේද?

එයාර් ලංකා ගණුදෙනුවෙදි කපිල චන්ද්‍රසේනගෙ බිරිඳගෙ ගිණුමට කෝටි 40ක් ගිය බව තහවුරු උනා. කෝ ඒවට දඬුවම්?

අද ඔප්පු වෙලා තියෙනව ඇමරිකන් ඔත්තු සේවාවෙ වංචනිකයෙකුට මහ භාණ්ඩාගාරෙන් කෝටි 1,300ක් ගෙවා ඇති බව. කෝ මේ මහ බැංකුවෙ චෞරයන්ට දඬුවම්?

චයින හාබර් සමාගමත් චයිනා මර්චන්ට් සමාගමත්ට පුෂ්පා රාජපක්ෂගෙ ගිණුමට දීපු කෝටි ගණනක චෙක් පත් අපි පාර්ළිමේන්තුවට පෙන්නුම් කරළ තිබුන. ඒ මුදල් මහින්ද රාජපක්ෂගෙ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරපුව. අද අපේ රටේ වරායවල් අරන් තියෙන්නෙ කවුද?

ඒ විතරක් නෙවෙයි යහපාළන ආණ්ඩුව මුල් දින 50 තුළ පළමු බැඳුම්කර මිළදී ගැනීමේදී කෝටි 1,100ක අලාභයක් සිදු කළා. රේගුව භාරයේ තිබුණ ප්‍රාඩෝ රථ 546ක් රුපියල් ලක්ෂ 16ක් වැනි කුඩා දඩයකට යටත් කර රටට හිමිවිය යුතු කෝටි ගණනක බදු වංචා කරමින් නිදහස් කරා. රවි කරුණානායක තමන් මුදල් ඇමති වෙලා ඉන්නකොට තමන්ගෙ නෝනගෙ නමට වරායෙ ගුදම් ලියාගත්ත. කෝ ඒ චෞරයන්ට දඬුවම්?

කිරි ගවයින් මිළදීගැනීමේදී සිදුවූ පාඩුව කෝටි ගණනක්. වී අළෙවි මණ්ඩළයේ පාඩුව කෝටි 4,000 ඉක්මවා තිබෙනව.

ඒ වගේම අපි දන්නව සජිත් ප්‍රේමදාසගෙ යටතෙ තිබුණු සංස්කෘතික අරමුදළෙ මුදල් නිවාස සංවර්ධන අධිකාරියෙ මුදල් කෝටි ගණනින් මුදළ් අවභාවිතා කර ඇති ආකාරය.

More articles

Latest article