26 C
Colombo
සෙනසුරාදා, සැප්තැම්බර් 30, 2023

ඉහළ නිලධාරීන්ගේ හිතුවක්කාරකම් නිසා මිනිස්‌ ජීවිත විනාශ වෙනවා – අනුර දිසානායක

Must read

රජයේ ඉහළ තැන්වල හිතුවක්කාරී තීරණ නිසා මෙරට විශාල මිනිස් ජීවිත ගණනක් අහිමි වෙමින් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) චෝදනා කළේය.

 රට තුළ මතුව ඇති බරපතළ අවදානම් තත්ත්වය වහාම මැඬපැවැත්වීමට ආණ්ඩුව අසමත් වුවහොත් සමූහ මිනිස් ඝාතන දක්වා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බවට හෙතෙම අනතුරු ඇඟවීය.

 මේ වනවිට පොදු මහජනතාව තුළ විශාල නොසන්සුන්තාවයක් සහ සැකයක් නිර්මාණය වී ඇති බව පැවැසූ අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී බරපතළ ලෙස ආයතන පද්ධති කඩා වැටීම්, රෝග පැතිරීම් සහ ජීවිත හානි සිදුවිය හැකි බවද කීවේය.

 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

More articles

Latest article