කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වෙති.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ඇරඹෙයි. විවාදය අද සහ හෙට දින දෙකක් පුරා පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම හෙට සවස 4:30 ට පැවැත්වීමට නියමිතය .