32 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Must read

මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේදී මෙම ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ වයස අවුරුදු 32ක් වු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු ද ඊයේ දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් 59 වියේ පසුවන රාජගිරිය හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

More articles

Latest article