28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

‘කල්‍යාණි රන් පිවිසුම’ ජනපති – අගමැති අතින් අද ජනතා අයිතියට

Must read

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ජනතා අයිතියට පත් කෙරේ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුළු වන අධික වාහන සංඛ්‍යාව සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2012 වසරේ මූලික සැලසුම් සකස් කර 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් යොදා නව කැලණි පාලම ඉදිකිරිම සඳහා ගිවිසුම් අත්සන් කළේය. ඉන් අනතුරුව පැරණි කැලණි පාලමට යාබදව මංතීරු 6 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කළහ. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය වේ. කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කරයි. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.

More articles

Latest article